වනිඳු දෙවන තැනට ඇද දමමින් ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පෙරමුණට

20 - 20 ක්‍රිකට් තරග වල ලොව අංක 01 පන්දු යවන්නා බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග දෙවන තැනට ඇද දමමින් ඇෆ්ගනිස්ථාන පිලේ පා දඟ පන්දු යවන රෂීඩ් ඛාන් නැවතත් අංක 01 ස්ථානයට පත්වීමට සමත්ව සිටී.
ඒ පකිස්ථානය සමග පැවැත්වූ 20 - 20 තරග සංචාරයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානය සතුකර ගැනීමත් සමගයි.
2018 වර්ෂයේ දී රෂීඩ් ඛාන් පළමු වරට T-20 පන්දු යවන්නන් ලැයිස්තුගත කිරීමේ පළමු ස්ථානයට පැමිණි අතර, මෙවර තරගාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් යළිත් ලැයිස්තුවේ මුල් තැන ගන්නට සමත්ව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම් පිළිබඳ නිවේදනය කරමින් කියා සිටී.
290 Views
Comments