ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 05 වනදා පැවැත්වීමට හැකියාවක් ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කොට ඇත.
කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් තරග 48 කින් සමන්විත තරගාවලිය දින 46 ක් පුරා නොවැම්බර් 19 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
විදෙස් ආරංචි මාර්ග වලට අනුව Ahmedabad, Bengaluru, Chennai, Delhi, Dharamsala, Guwahati, Hyderabad, Kolkata, Lucknow, Indore, Rajkot, Mumbai ක්‍රීඩාංගණ වලදී මෙම තරග පැවැත්වෙනු ඇති අතර අවසන් මහා තරගය ලොව විශාලතම ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැති වීම ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
296 Views
Comments