ජාතික පාපන්දු පිලට යළිත් එක්වන ස්වීඩනයේ 41 වියැති සුපිරි තරුව

මෙම මස අවසන ආරම්භ වන 2023 යුරෝපානු පාපන්දු කුසලාන තරගාවලියට ඉදිරිපත් වීමට ස්වීඩන් සුපිරි පාපන්දු ක්‍රීඩක ස්ලාටන් ඊබ්‍රොහිමෝවිච් එරට ජාතික සංචිතයට නැවතත් කැඳවා තිබේ.
මෙම තරගාවලියේදී ස්වීඩනය, බෙල්ජියම හා අසර්බයිජානය සමගින් තරග වැදීමට නියමිත වන අතර මේ වන විට 41 වන වියේ පසුවන ස්ලාටන් හට මෙම අවස්ථාව සඳහා ඉදිරිපත් වීමට කැඳවීමක් ලැබෙන්නේ වසරකට පසුව වීම විශේෂත්වයකි.
තවමත් මනා ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන ස්ලාටන් මේ වන විට ඉතාලියේ ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන ඒ. සී. මිලාන් කණ්ඩායම සමඟ ක්‍රීඩා කරයි.
මොහු ස්වීඩනය වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවන අතර ස්වීඩනය වෙනුවෙන් පාපන්දු පිටියේ වැඩිම අන්තර්ජාතික ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වේ. ඔහු තරග 121 කදී ගෝල 62 ක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
2001 වර්ෂයේ ස්වීඩන් පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ස්ලාටන් 2016 වර්ෂයේ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළේය. නැවතත් 2021 වර්ෂයේ පැවැති ලෝක කුසලාන තරගාවලියට ස්ලාටන් එක්වූ අතර ස්වීඩන් කණ්ඩායමට එහිදී ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමී වී ගියේය.
පාපන්දු පිටියේ අති දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන ස්ලාටන් නෙදර්ලන්තයේ අයැක්ස්, ඉතාලියේ ජුවෙන්ට්ස්, ඉන්ටර් මිලාන්, ඒ. සී. මිලාන්, ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන්, එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ගැලැක්සි ආදී කණ්ඩායම් රාශියකට ක්‍රීඩා කරමින් සිය දක්ෂතා දක්වා ඇත.
191 Views
Comments