ඉන්දියානු ටෙස්ට් සංචිතයෙන් රාහුල් යයි - කිෂන් එයි

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023 අවසන් සංචිතයට ඉන්දියාව විසින් ආබාධයකට ලක් වූ KL රාහුල් වෙනුවට කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂන් නම් කර තිබේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර්ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර සඳුදා පැවති තරගයේදී පන්දු රැකීමේදී රාහුල් ආබාධයකට ලක්ව ඇත.
අනතුරින් ඔහුගේ කලවා ප්‍රදේශයේ ශල්‍යකර්මයක් සිදු කෙරුණු අතර, එම නිසා ඔහුට ඉදිරි තරගයට සහභාගී වීමට නොහැකි වී තිබේ.
එසේම IPL තරගාවලිය අතරතුරදී වම් උරහිසේ ආබාධයකට ලක් වූ Jaydev Unadkat ද ප්‍රතිකාර ලබමින් සිටින බවත් එළඹෙන WTC අවසන් මහා තරගයට ඔහුටද සහභාගි වීමට හැකිවේද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.
272 Views
Comments