DEC
19
නව වසරේ මුල ම ඇරඹෙන ක්‍රිකට් උණුසුම

2023 වසරේ ජනවාරි මස පළමු සතියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම තරඟ සංචාරයට එක්දින තරඟ 03ක් හා 20යි 20 තරඟ 03ක් ඇතුළත් වේ.
පළමු 20යි 20 තරඟය ජනවාරි 03 වන දින ද දෙවන 20යි 20 තරඟය ජනවාරි 05 වන දින ද අවසන් 20යි 20 තරඟය ජනවාරි 07 වන දින පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින තරඟය ජනවාරි 10 වන දින ද දෙවන තරඟය ජනවාරි 12 වන දින ද තුන්වැනි තරඟය ජනවාරි 15 වන දින ද පැවැත්වීමට නියමිතය.
218 Views
Comments