ආජන්ටිනාව අවසන් මහා තරඟයට

2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට ආජන්ටිනාව අද (14) සමත්විය.
ඒ ක්‍රොඒෂියා කණ්ඩායම සමඟ පැවති අවසන් පූර්ව තරඟය ගෝල 3ට 0ක් ලෙස ජය ගැනීමත් සමඟයි.
තරඟයේ 34 වන මිනිත්තුවේ දී L.Messi විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.
පසුව J.Alvarex විසින් තරඟයේ 39 වන හා 69 වන මිනිත්තුවල දී ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් දෙවන හා තෙවන ගෝල වාර්තා කිරීමට සමත් විය.
ක්‍රොඒෂියා කණ්ඩායමට නියමිත කාලය තුළ කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
ඒ අනුව අවසන් පූර්ව තරඟය ගෝල 3ට 0ක් ලෙස ජය ගනිමින් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා පිවිසීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.
211 Views
Comments