MAR
17
නිශාන් මධුශ්කට නවසීලන්තයේදී ටෙස්ට් වරම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර නවසීලන්තයේ වෙලිංටන් හි Basin Reserve ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දු යැවීමට තීරණය කර තිබේ.
මෙම තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර 1-0 ක් වශයෙන් නවසීලන්තය පෙරමුණේ සිටියි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නිශාන් මධුශ්ක ටෙස්ට් වරම් දිනා ගත් අතර පෙර තරගයේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල විවේක ගන්වා තිබෙන බව වාර්තා වේ.
192 Views
Comments