නවසීලන්ත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නවසීලන්තය සමග එක්දින සහ 20-20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කළ අතර එක්දින තරගාවලිය සඳහා දසුන් ශානක ගේ නායකත්වයෙන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට වසර දෙකකට පසු එක්දින සංචිතයේ ස්ථානයක් හිමිවීම විශේෂත්වයක් ලෙස සැලකෙන අතර ආබාධයක් හේතුවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද මෙම 20-20 සංචිතයට කැඳවා තිබේ.
එමෙන්ම යොවුන් ක්‍රීඩක සහන් ආරච්චිගේට ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානයක් හිමිව ඇති අතර ලසිත් කෘස්ප්ල්ලේට ද 20-20 සංචිතයේ දොරගුළු විවර වී තිබේ.
196 Views
Comments