එංගලන්තයට එරෙහිව පාකිස්තානයට දරුණු පරාජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

එංගලන්තයට එරෙහිව පාකිස්තානයට දරුණු පරාජයක්

එංගලන්තයට එරෙහිව පාකිස්තානයට දරුණු පරාජයක්

පාකිස්තානය පරදා තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට එංගලන්තය අද (20) සමත්විය.

 

ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

 

මෙය ටෙස්ට් තරග ඉතිහාසයේ පාකිස්තාන කණ්ඩායමක් ඔවුන්ගේ රටේදී 3-0ක් ලෙස තරගාවලියක් පරාජය වූ පළමු අවස්ථාව ලෙස වාර්තා පොතට එක්විය.


 
තරගයේ සිව් වන දිනය වූ අද (20) ජයග්‍රහණය සඳහා ඉතිරිව තිබූ ලකුණු 55 කඩිනමින් ලබාගැනීමට එංගලන්ත පිතිකරු යුගලය වූ බෙන් ඩකට් (නොදැවී 82) සහ බෙන් ස්ටොක්ස් (නොදැවී 35) සමත් වූහ.

 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 304ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 354ක් ලබා ගත්තේය.

 

නමුත් පාකිස්තාන දෙවැනි ඉනිම ලකුණු 216කට සීමා කිරීමට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රෙහාන් අහමඩ් සමත් විය.

 

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් ළාබාලතම ක්‍රීඩකයා වන අහමඩ් එහිදී ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තේය.

 

ඊයේ දිනය නිමාවන විට එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 112ක් ලබා සිටියහ.

views

200 Views

Comments

arrow-up