ශ්‍රී ලංකාවට ලකුණු 2ක පරාජයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (03) පැවැත්වුණි.
එම තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Deepak Hooda ලකුණු 41ක් ද Ishan Kishan ලකුණු 37ක් ද Axar Patel ලකුණු 31ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ශාන් මදුශංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිදු හසරංග කඩුලු 1ක බැගින් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160කි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 45ක් ද කුසල් මෙන්ඩිස් ලකුණු 28ක් ද චාමික කරුණාරත්න ලකුණු 23ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Shivam Mavi කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 2කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
176 Views
Comments