FIFA විසින් ශ්‍රී ලංකාවට පැනවූ තහනම අඛණ්ඩව

FIFA විසින් ශ්‍රී ලංකාව වෙත පැනවූ තහනම දිගටම පවත්වා ගෙන යාමට තීරණය කර ඇති අතර FIFA මැතිවරණ අතරතුර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රට වල ඡන්දය ප්‍රකාශ කිරීම අත්හිටුවන ලදී.
සංගම් 211 න් සාමාජික සංගම් 199 ක් සිම්බාබ්වේ අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර FIFA මැතිවරණවලදී ශ්‍රී ලංකාවට ඡන්දය ප්‍රකාශ කිරීම සීමා කිරීමේ යෝජනාවට 197 ක් ඡන්දය ලබා දී ඇත. 2023 ජනවාරි මාසයේදී රජයේ මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට FIFA කවුන්සිලයේ කාර්යාංශය තීරණය කළේය. ඒ ජනවාරි 14 වන දින නව FFSL විධායක කමිටුවක් සඳහා නිලවරණය පැවැත් වූ අවස්ථාවේදී තෙවන පාර්ශ්වයක් විසින් අනවශ්‍ය ඇඟිලි ගැසීම් ඇති කළ බවට කාර්යංශයට සැල වීම නිසා බව වාර්තා වේ.
මෙම අත්හිටුවීම ඉවත් කිරීමට නම් අලුතින් සම්මත කරන ලද FFSL ප්‍රඥප්ති පිළිගැනීම හා ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා වත්මන් ජාතික ක්‍රීඩා නීතියෙන් නිල සහ ලිඛිත වාර්තා ලබාදිය යුතු බවටත් 2023 ජනවාරි 14 පැවැත්වූ මැතිවරණය FIFA හෝ AFC විසින් පිළි නොගන්නා බැවින් නව FFSL විධායක කමිටුවක් තෝරා පත් කර ගන්නා තෙක් FFSL පරිපාලනය FFSL හි දෛනික කටයුතු පිළිබඳව සම්පූර්ණයෙන්ම භාරව සිටින බවටත් එකඟ විය යුතු බව FIFA කවුන්සිල් කාර්යාංශය සඳහන් කර සිටී.
447 Views
Comments