කිවියන් සමඟ ගැටුමට කුසල් ජනිත් සූදානම්? - චමීර ගැනත් සුභ ආරංචියක්

ඉදිරියේදී පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත්ට එක්වීමට අවස්ථාව ලැබෙනු ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.
සනත් ජයසූරිය මහතා සමග පැවති Facebook Live සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම දුෂ්මන්ත චමීර ගැනද සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකිවනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.
කෙසේ වෙතත් ඉන්දීය තරග සංචාරයේදී ආබාධයට ලක්වූ ජෙෆ්‍රි වැන්ඩසේට සහ අශේන් බණ්ඩාරට මාස කිහිපයක් යනතුරු පිටියෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවයි මහාචාර්යවරයා කියා සිටින්නේ.
193 Views
Comments