මතීෂ පතිරණට දෝණිගෙන් පැසසුම්

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටික කලක් යනතුරු ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා නොකළ යුතු යැයි තමන් පෞද්ගලිකව සිතන බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායමට නායකත්වය දෙන මහේන්ද්‍ර සිං දෝනි කියා සිටී.
ඔහු එක්දින තරග ද අඩුවෙන් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි සඳහා සූදානමින් සිටිය යුතු යැයි තමන් සිතන බවද දෝනි පවසයි.
ඉදිරියේදී මතීෂ පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වනු ඇතැයිද හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයා කියා සිටී.
254 Views
Comments