පාපන්දු පරිපාලනයේ ගැටළු විසඳන්න ඇමති රොෂාන්ගෙන් කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

පාපන්දු පරිපාලනයේ ගැටළු විසඳන්න ඇමති රොෂාන්ගෙන් කමිටුවක්

පාපන්දු පරිපාලනයේ ගැටළු විසඳන්න ඇමති රොෂාන්ගෙන් කමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන සහ මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට සය පුද්ගල කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගිය 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව සඳහන් වේ.

 

කමිටුවේ සභාපති ධුරය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය හොබවන අතර සෙසු සාමාජිකයන් ලෙස කිංස්ලි ප්‍රනාන්දු, ආනන්ද පීරිස්, සුදත් නාගහමුල්ල, සුසිල් රාමනායක සහ ශලිනි රොෂානා යන අය පත් කර ඇති බව සඳහන් වේ.

 

2012 වසරේ සිට පාපන්දු ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද කිරීම, නාමිකව ඇති ක්‍රීඩා සමාජ, මුදල් පරිපාලනය, සේවක බදවා ගැනීම් ආදිය පිළිබඳ කමිටුව මාස දෙකක් තුළ විමර්ශනය කර රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට වාර්තාවක් ලබා දීමට නියමිතයි. තවද වාර්තා වන්නේ, පාපන්දු සම්මේලනයේ ලේකම් ඉන්දික තේනුවර ඉන් ඉල්ලා අස් වී ඇති බවයි.

views

180 Views

Comments

arrow-up