ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහාගත නොහැකි පරාජයට හේතුව සංගා කියයි

අදහාගත නොහැකි ලෙස ඊයේ ලැබූ පරාජය පිළිබඳව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අදහස් දක්වා තිබුනා.
එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.
“ශ්‍රි ලංකා කණ්ඩායමේ ස්ථාවර බවක් නොමැති වීම ගැන මම බෙහෙවින් කණස්සල්ලට පත්වෙනවා. විශේෂයෙන් පිතිකරුවන් දිගු ඉනිම් ක්‍රිඩා කිරිමට සහ දිගු සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට ඉගෙන ගත යුතුයි.
මීට වසර කිහිපයකට පෙර ශ්‍රි ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයන් පිලිබද විශාල සැලකිල්ලක් දැක්වුවද වර්තමානයේ ඒවා තරමක් ලිහිල් වුනා.
ශ්‍රි ලංකා කණ්ඩායම ශාරිරික යෝග්‍යතා මට්ටම් වලින් අන්තර්ජාතික ක්‍රිකට් සමඟ සන්සන්දනය කරන ව්ට ඉතාමත් පහල මට්ටමකයි සිටින්නේ.
ශාරිරික යෝග්‍යතාව පවත්වාගැනීම සහ ක්‍රිඩාවට ක්‍රිඩකයින්ගෙන් මීට වඩා විශාල කැපවීමක් අවශ්‍යයි. එහි ප්‍රතිඵල අපට අද දැකගත හැකියි. “
255 Views
Comments