ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මේ වනවිට පැවැත්වේ.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Deepak Hooda ලකුණු 41ක් ද Ishan Kishan ලකුණු 37ක් ද Axar Patel ලකුණු 31ක් ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ශාන් මදුශංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිදු හසරංග කඩුලු 1ක බැගින් බිඳ හෙලීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමිව තිබේ.
172 Views
Comments