සජිත්ගෙන් ජවිපෙ ගැන බරපතල විවේචනයක්

පොලොන්නරුවේ දී පෙරේදා (22) පැවති ජන රැළියකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, රටේ ආගමික සිද්ධස්ථාන පවා රජයට පවරාගැනීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය වී ඇති බවත්, පැසිස්ට්වාදී හා මාක්ස්වාදී රතු පාට බලවේගය ආගම් විරෝධී බලවේගයක් බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සිටියේ ය.
“ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ කිසිම අයෙකුට ඉඩම් සම්පත් අයිති කරගන්න බැහැ. ඒවා රජයට අයිතියි. ඒ අයට ඕනෑ සමානාත්මතාව ඇති කරන්නලු. ව්‍යාපාරික ඉඩම්, ගොවිබිම්, කර්මාන්ත ශාලා ටික රජයට ගන්නවා. මිනිස්සුන්ට පෞද්ගලිකව දේපළ අයිති කරගන්න බැහැ. ඔක්කොම රජයට පවරාගෙන, ඊට පස්සේ දැන් ඔක්කොම සමානයි කියලා කියයි. මේකද කරගන්න ඕනේ? මේ පැසිස්ට්වාදී හා මාක්ස්වාදී රතුපාට බලවේගය ආගම් විරෝධී බලවේගයක්. මේ අය ආගමික සිද්ධස්ථාන ටික ආණ්ඩුවට ගන්න යනවා. ආගම් ටිකත් පුළුවන් නම් රජයට ගනී. “
188 Views
Comments