මැතිවරණය කල් දැමීමට එරෙහිව සජබෙ සඳුදා කොළඹ වටලයි

ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පළාත් පාලන ආයතන හතරක් සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ගිනිගත්හේන සජබ කාර්යාලයේ අද රැස්වීමක් පැවැත්විණි.
මෙම රැස්වීම අමතමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම කල් තැබීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බවයි.
රජයේ මුද්‍රණාලයට මුදල් ප්‍රතිපාදන ලබා නොදී පළාත් පාලන මැතිවරණය කුමන හෝ ආකාරයකින් නතර කිරීමට රටේ පාලකයන් පියවර ගෙන ඇති බවත් පළාත් පාලන මැතිවරණය පවත්වන තෙක් සමගි ජන බලවේගය අරගල කරන බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දමනු ලබන්නේ මුදල් නොමැතිකම නිසා නොව රට පාලනය කරන ජනාධිපතිවරයාට හෝ පොහොට්ටුවට ජනවරමක් නොමැති නිසා බවයි.
201 Views
Comments