මාවනැල්ල ප්‍රාදේශීය සභාපති එළියට විසි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

මාවනැල්ල ප්‍රාදේශීය සභාපති එළියට විසි වෙයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාපති එළියට විසි වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

 

මෙම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රන්කොත් පේඩිගේ නොයෙල් දසන්ත එම ධූරයේ රාජකාරි සිදු කිරීමේදී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 185 (1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදුකර ඇත්තේ ද යන්න පරීක්ෂාකර මාස තුනක් ඇතුළත වාර්තාවක් ආණ්ඩුකාරවරයා වෙත ලබාදෙන ලෙසයි.

 

එම පරීක්ෂණය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර මහතා පත්කර ඇති බවත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

views

212 Views

Comments

arrow-up