සර්වපාක්ෂික ආණ්ඩුවකට සහාය දෙන බව මෛත්‍රීපාල කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

සර්වපාක්ෂික ආණ්ඩුවකට සහාය දෙන බව මෛත්‍රීපාල කියයි

සර්වපාක්ෂික ආණ්ඩුවකට සහාය දෙන බව මෛත්‍රීපාල කියයි

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ පසුගිය වසරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ පළමු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් රට ගොඩනැගීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තම උපරිම සහාය ඊට ලබාදෙන බවත් ය.

 

එවැනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද, සියලු දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කළ නමුත් ආණ්ඩු පාර්ශවයේ විරෝධය හේතුවෙන් එය කිසිවිටෙකත් ක්‍රියාත්මක නොවූ බව ද, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී.

 

ජනාධිපතිවරයා ඊයේ සිය රාජාසන කතාවේදී රට මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය ඉල්ලා සිටි බැවින් ඒ සඳහා තම සහයෝගය ලබාදීමට සූදානම් බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ ය.

views

245 Views

Comments

arrow-up