FEB
03
අපිට ගමට යන්න පුළුවන් – එස්. බී.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදීම සඳහා හැටනම ලක්ෂයේ ජනතාව අනුකම්පාවෙන් බලා සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම පක්ෂ මුලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ තම බල ප්‍රදේශයේ නම් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට බිම් මට්ටමට යාමට නොහැකි තත්ත්වයක් ඇති වී නොමැති බවයි.
183 Views
Comments