සර්ව පාක්ෂික හමුවේ දී රනිල් සහ ගෙවිඳු ගැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

සර්ව පාක්ෂික හමුවේ දී රනිල් සහ ගෙවිඳු ගැටෙයි

සර්ව පාක්ෂික හමුවේ දී රනිල් සහ ගෙවිඳු ගැටෙයි

 

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය 26 සර්ව පාක්ෂික සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ගෙවිඳු කුමාරතුංග අතර උණුසුම් වච්චන හුවමාරුවක් ඇති වුණා.

 

එහිදී ගෙවිදු කුමාරතුංග මහතා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වුයේ 69 ලක්ෂයක ජනවරමකින් හේතුවෙන් ඔහුව ජනතාව පත් කළේ 13 වැනි ව්‍යවස්ථාවේ රහිත ඇතැම් කරුණු අඩංගු නොවන නව ව්‍යවස්ථාවක් සැකසීමට බවයි.

 

ඊට අමතරව හිටපු ජනාධිපතිවරයාගේ ධුරයේ ඉතිරි වූ කාලය සඳහා පමණක් ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාට හිමිව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

 

එවැනි තත්ත්වයක් තුල 13 ව්‍යවස්ථා බලාත්මක කිරීමට මේ වන විට ජනවරමක් පාර්ලිමේන්තුවේ නොමැති බවද ගෙවිඳු කුමාරතුංග මහතා විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

 

ඊට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගෙවිඳු කුමාරතුංග මහතාට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බවයි.

 

තමා විධායකය මිසක් ව්‍යවස්ථාවදායකය නොවන බවත් තමන් පත් කිරීමේදී සජිත්ට ඡන්දය දුන් පිරිස සේම ගෝඨාභයට ඡන්දය දුන් අයද මනාපය දුන් බැවින් දෙපාර්ශවයේ වරම තමන් සතුව ඇති බවයි ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට සඳහන් කර ඇත්තේ.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති වුවත් කිසිදු නීතියක් සම්මත කිරීමේ බලය තමන් වෙත නොමැති බවත්, එය ක්‍රියාත්මක කිරීමේ බලයක් පමණක් ඇති බවයි.

views

181 Views

Comments

arrow-up