අනියම් බිරිඳ බෙදා ගන්න බැරිව ව්‍යාපාරිකයන් දෙදෙනෙක් මරා ගනී

හොරණ කුඹුක ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීම පසුගිය 16 වනදා සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ දී පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ සැකකරු ව්‍යාපාරිකයෙකු වන අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු අනියම් සබඳතාවක් පවත්වන කාන්තාවක් සමඟ අදාළ ව්‍යාපාරිකයා ද සම්බන්ධතාවයක් පැවැත්වීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
සැකකරු සතුව තිබූ ගිනි අවිය වව්ලුගල ප්‍රදේශයේ පාළු ඉඩමක පිදුරු ගොඩක සඟවා තිබියදී හමුව තිබෙනවා.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
207 Views
Comments