පිටකොටුව බෝගහ යටට වෙලා ටින් එකක් අල්ලන්න ද මට කියන්නේ

අධිකරණය ලබාදුන් තීන්දුවට තමන් ගරු කරන බවත් අධිකරණ තීරණයට හිස නමන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වරදක් කළහොත් ජනාධිපතිවරයා ද ඊට වගකිව යුත්තේ යන පදනම මත තමන්ට මෙම දඬුවම හිමිවී ඇති බවයි.
එමෙන්ම නඩු වාර්තා වේ එවකට ජනාධිපතිව සිටි තමන් මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව නොසිටි බව පැහැදිලිව සඳහන් වන බවයි ඔහු කියා සිටින්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් ගෙවිය යුතු මෙම වන්දි මුදල ගෙවීමට තරම් තමන්ට වත්කමක් නොමැති බැවින් හිතවතුන්ගේ මුදල් එකතු කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.
එසේ නොමැති නම් තමන්ට සිදු වන්නේ පිටකොටුව බෝධිය අසල ටින් එකක් සොලවා මුදල් අය දීමට බවයි වැඩි දුරටත් කියා සිටියේ.
190 Views
Comments