නිදහස් ජනතා සන්ධානය හෙලිකොප්ටරය ලකුණින් එළිදක්වයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජාතික සභාව සහ උත්තර ලංකා සභාගය ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට අද (11) නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවා තිබේ.
මෙම නව සන්ධානයේ ලකුණ ලෙස හෙලිකොප්ටරය යොදාගෙන තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ මහතා ප්‍රමුඛ උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජාතික සභාව, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පාර්ශව කිහිපයක් මෙම නව සන්ධනයට ඇතුළත්ය.
323 Views
Comments