පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරදීමට වෙන් කර තිබූ කාලය අද (21) දහවල් 12න් අවසන් විය.
අද (21) දිනයේත් දේශපාලන පක්ෂ කිහිපයක් නාම යෝජනා බාරදීම සිදුකර තිබුණි.
සමගි ජනබලවේගය ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාම යෝජනා භාරදී තිබුණි.
එසේම ජාතික ජන බලවේගය ගාල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා නාමයෝජනා භාර දුන් බව වාර්තා වේ.
207 Views
Comments