ප්‍රථම වතාවට ආදිවාසී නායකයා යටතේ වැඳි ප්‍රජාව පළාත් පාලන මැතිවරණයට

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් වැදි ප්‍රජාවගෙන් පිරිසක් පළමු වරට පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන් මහියංගනය, සොරණතොට හා හාලිඇල ප්‍රාදේශීය සභාවලට සහ බදුල්ල මහ නගර සභාවට තරඟ කිරීමට නියමිතය.
ඔවුන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ධජය ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරීමට නියමිතය.
නිදහසෙන් පසු නොකඩවා පැවති මැතිවරණවලදී තමන් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට ඡන්දය දුන්න ද එම දේශපාලන පක්ෂ ඔවුන් ව විනාශයට ඇද දැමූ බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පවසයි.
204 Views
Comments