මැතිවරණ රාජකාරි සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවිය නොහැකි බවට යන ප්‍රචාරය අසත්‍යයි - මැ.කෝ.
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

මැතිවරණ රාජකාරි සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවිය නොහැකි බවට යන ප්‍රචාරය අසත්‍යයි - මැ.කෝ.

මැතිවරණ රාජකාරි සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවිය නොහැකි බවට යන ප්‍රචාරය අසත්‍යයි - මැ.කෝ.

මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයන් සහ පොලිස්පතිවරයා අතර ඊයේ (13) මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණි.

 

ඒ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

 

එම සාකච්ඡාවේ දී, මැතිවරණ කොමිෂම පොලිසියට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවන තුරු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැතිවරණ රාජකාරි සඳහා යෙදවිය නොහැකි බවට පොලිස්පතිවරයා පැවසූ බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.

 

views

226 Views

Comments

arrow-up