JAN
29
මැතිවරණ කොමිෂමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කරයි

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඇය එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණේ ඇයට ලැබුන මරණ තර්ජනාත්මක දුරකථන ඇමතුමක් හේතුවෙනි.
පසුව ඇය ඉවත්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කර ඇති අතර කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ.
245 Views
Comments