මට මේ ඡන්දේ දිනුවත් එකයි නැත්තත් එකයි – දුන් පොරොන්දු ඉටු කරන්න – බැසිල්ගෙන් ජනපතිට දොස් මුරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
පසුගිය සතියේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ඡන්ද විමසීම සහ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ලෙස කරුණු සාකච්ඡා වී තිබෙනවා.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවේ යම් අමනාපයකින් කරුණු දක්වා ඇති බවයි ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඔබතුමා ජනාධිපති කිරීමට සහය ලබාදීමේදී ඇති කරගත් පොරොන්දු ඉටු කිරීමට අපොසහත් වී ඇති බවයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මෙතෙක් කැබිනට් අමාත්‍ය ධුර ලබා නොදීම පිළිබඳ බැසිල් රාජපක්ෂ දැඩි කනස්සල්ලකින් යුතුව මෙහිදී අදහස් දක්වා තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ “මට මේ ඡන්දේ තිබ්බත් එකයි නැතත් එකයි , ආණ්ඩුව දිනුවත් එකයි පැරදුණත් එකයි. හැබැයි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕන නම් අපි ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක කරන්න” ලෙසයි.
206 Views
Comments