ඉරාජ්ගෙන් නාමල්ට බැණුම්

සංගීත ශිල්පියෙක් වන ඉරාජ් වීරරත්න මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා හට දෝෂාරෝපණය කර තිබෙනවා.
ඒ හිටපු ක්‍රීඩා හා තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ඊයේ (17) පැවැත්වූ සජීවි වැඩසටහනක් අතරතුරයි.
මෙහිදී ඉරාජ් වීරරත්න මහතා පවසා ඇත්තේ ලෝකයේ ජනප්‍රිය අන්තර්ජාල ගණුදෙනු ක්‍රමයක්වන Paypal මෙරටට ලබාදීමට කටයුතු කරන බවට බලය ලබාගැනීමට පෙර වූ පොරොන්දුව ඉටු නොකිරීම පිළිබදව තමන් දැඩි කළකිරීමට පත්ව සිටින බවයි.
මේ හේතුවෙන් එය මෙරටට ලබාදෙන බවට තමන්ද ප්‍රචාරය කළ නිසාවෙන් තරුණ තරුණියන් තමන්ට උසුළු විසුළු කරන බව අදාළ සජීවී වැඩසටහනේදී ඉරාජ් වීරරත්න මහතා අදහස් දක්වා තිබෙනවා.
162 Views
Comments