ලාල්කාන්තගේ ලැම කතාවට තදවූ හිරුණිකා ජවිපෙ පතුරු ගහයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ලාල්කාන්තගේ ලැම කතාවට තදවූ හිරුණිකා ජවිපෙ පතුරු ගහයි

ලාල්කාන්තගේ ලැම කතාවට තදවූ හිරුණිකා ජවිපෙ පතුරු ගහයි

රටේ හෙදියෝ සම්බන්ධයෙන් ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදහස් දැක්වීමක් සිදු කළා.



එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයෙක් මෙලෙස කතා කිරීම පිළිකුල් සහගත බවයි. 

 

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,



“මේ ළඟදී දවසක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා කාන්තාවන් ගැන. කාන්තාවන්ට තියෙන ලොකුම ලෙඩේලු කොන්දේ අමාරුවයි, දනිස් අමාරුවයි. දැන් මේවා මේ ජාතික වේදිකාවේ ඊළඟට ජනාධිපති වෙන්න ඉන්න කෙනෙක් කියන්න ඕන කතා නෙමෙයිනේ. කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ කොන්දේ අමාරුවයි. අහලා තියෙනවද සජිත්ප්‍රේමදාස මැතිතුමාගේ කතා කියලා. කොන්දේ අමාරුවයි, දනිස් අමාරුවයි. හේතුව දනිස් දෙකට තමුන්ගේ ශරීරය දරාගෙන ඉන්න බැහැලු. ඒ කියන්නේ කියන්නේ මේ ගෑණු මහත් වුුුණා ම කකුල් රිදෙනවා කියන එකනේ.

කෙටියෙන්ම කියනවා නම් ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වා නම් උඹලා තනි වැඩියි. උඹලා මහත වැඩියි. ඒක තමයි උඹලගේ දනිස් රිදෙන්න කියලා කියන්නේ. ඕක ජනාධිපති අපේක්ෂකයෙක් කියන්න ඕන එකක්. ජනාධිපති අපේක්ෂකයෙක් ස්ටේජ් එකේ කියන්න ඕන එකක්ද? නිකන් හිතන්න. මිනිස්සු නොයෙකුත් විදිහට මිනිස්සුන්ට සමහරක් වෙලාවට මමත් හයියෙන් කන කෙනෙක්. මම හරියට පැණි රහ කනවා. මටත් සමහරක් වෙලාවට දණිස් දෙක අමාරුයි තමයි. මොකද මම මගේ ඇඟට වඩා මගේ මගේ කකුල් දෙකට දරාගන්න බැරිද මගේ ඇඟ.

ඉතින් ඒ සමහරක් වෙලාවට ඒක මට මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මම ඒකේ ජොලියේ ඉන්නත් පුළුවන්. මම ඒක ගණන් ගන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරවිට මං හිතින් ඒකට ප්‍රශ්නෙකුත් ඇති. දැන් ඕක යම්කිසි මානසිකව අප්සට් එකේ ඉන්නේ, එහෙම නැත්නම් සංවේදී කාන්තාවකට නිකං හිතන්න ඕක මේ ජනාධිපති වෙන්න ඉන්න මිනිහෙක් කියන්නද කතාවක්. එතකොට මම දැක්කා ලාල්කාන්ත කියනවා මේ උනහම හොඳ ෆිට් එකේ ඉන්න ඕනේ. ජිම් යන්න ඕනේ.

හොඳට ඇඟපත තියාගෙන ඉන්නවලු. ඇවිල්ලා ලෙඩෙක්ට නැවතිලා. ලෙඩෙක්ට ඇවිල්ලා සනීපෙට බෙහෙත් ගන්න හරි. මේ මේ රටක් භාරගන්න ඉන්න මිනිස්සු කියන්න ඕනේ කතාවක්. හොඳට තියෙන්න ඕනේ. ලැම තියෙන්න ඕනේ. පස්ස හොඳට තියෙන්න ඕනේ නර්ස් කෙනෙක්ගේ. මම හිතන්නේ ඔබ දකින්න ඇති ඒක සමාජ මාධ්‍ය හරහා. ඉතින් ඒ හින්දා මේ ටික හොඳටම ඇති. මිඩියා ඉන්න හින්දා මේ ටිකත් දාන්න. හොඳටම මේ ටික හොඳටම ඇති. ඒ ප්‍රශ්නේ ගැන පක්ෂයක් වුණහම පක්ෂයක නායකයෙක් වුණා. පක්ෂයේ නොයෙකුත් උදවිය ඉන්නවා. දැන් මගෙත් කට හොඳ නැහැනේ. මගෙත් කට හොඳ නැහැ. හැබැයි පක්ෂෙක නායකයෙක් ඉන්න ඕනේ තමුන් ජනාධිපති මැටිරියල් කියලා පෙන්නන්න. ඒ හින්දා අනුර කුමාර දිසානායක ජනාධිපති මැටිරියල් නෙවෙයි. ඒක රටේ මිනිස්සු තේරුම් ඉක්මනින් තේරුම් ගන්න තරමට අර ඒ මිනිස්සුන්ට අර ගෝඨාභයත් එක්ක තියෙන තරහා මේ අයත් එක්ක ඇති වෙන එකක් නැහැ.”

views

197 Views

Comments

arrow-up