කරන්නාගොඩ, කුරුණෑගල නගරාධිපතිව දොට්ට දමයි

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ පසුගිය දෙසැම්බර් 31 වනදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වූ යැයි සලකා කටයුතු කරන ලෙස දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ඊයේ (21) නිකුත් කර තිබෙනවා.
ඒ කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය පරාජය පත්වීමේ හේතුවෙනි.
2020 වසරේ 10 වන මස 29 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2020 මහ නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමට කටයුතු නොකිරීම මීට හේතුව වී තිබෙනවා.
මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරය පසුගිය දෙසැම්බර් 31 වනදා සිට පුරපපාඩු වුවා සේ සැලකිය යුතු බවයි.
189 Views
Comments