මාලිමාවේ ආණ්ඩුවක් ළඟ ළඟම එනවා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

මාලිමාවේ ආණ්ඩුවක් ළඟ ළඟම එනවා

මාලිමාවේ ආණ්ඩුවක් ළඟ ළඟම එනවා

 

මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

 

"අපි සියලුම දෙනා එක්වී රට හදමු" යයිද ඔහු සඳහන් කළේය.

 

අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

 

 අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ,

මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. 

 

මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.

 

වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. 

 

බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. 

 

ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.

views

251 Views

Comments

arrow-up