ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියගේ ප්‍රකාශයට චීනයෙන් රතු එළි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නෝලන්ඩ් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ චීනයේ දායකත්වය පිළිබඳ කරන ලද ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යාංශයේ දැඩි විරෝධය එල්ල විය.
මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නිං මහතා සඳහන් කළේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට උපකාර කිරීම වෙනුවෙන් දායක විය හැකි හැම අයුරකින්ම චීනය සහයෝගය දක්වන බවයි.
එසේම චීනයේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්ව ක්‍රියාවලියට මැදිහත් වීමේදී සහන ලබා දිය හැකි ආකාරය පිලිබඳ ශ්‍රී ලංකා රජය වෙත ලිඛිතව ද දැනුම් දී ඇති බවද, ඔහු ඒ සමග අවධාරණය කර සිටියා.
321 Views
Comments