තව අවුරුදු 20ක් යනකන් ජනාධිපති රනිල්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

තව අවුරුදු 20ක් යනකන් ජනාධිපති රනිල්

තව අවුරුදු 20ක් යනකන් ජනාධිපති රනිල්

 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉදිරි අවුරුදු දෙකක කාලයේ දී ද ජනාධිපති ධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

 

ඒ මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැති හමුවකදීයි.

 

ඔහු සඳහන් කරන්නේ දැනට රට තුළ පවතින ආර්ථික ගැටළු විසඳා වසරක් වගේ වැනි කාලයක් ඇතුළත වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහොත් ජනාධිපතිවාරණයක් කැඳවීමේ හැකියාවක් ඇති බවයි.

 

ඉන් අනතුරුව වසර 10ක් හෝ 20ක කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති බවද සඳහන් කරනවා.

views

176 Views

Comments

arrow-up