පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යයි

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යයි

සමස්ත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ බලාපොරොත්තු සුන් කර දමමින් සහ නැගී එන නව පක්ෂ රැසක අපේක්ෂාවන්ට අභියෝග කරමින්, එළඹෙන මාර්තු නව වැනිදාට පවත්වන්නට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලද බව මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර සිටී.

 

මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම, රජයේ මුද්‍රණාලය විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සහය නඩු කටයුතු සඳහා නොලැබීම යනාදී කරුණු කාරණා මෙම තීරණයට හේතු වී ඇති බව මැතිවරණ කොමිසම වැඩි දුරටත් කියා සිටී.


 

views

271 Views

Comments

arrow-up