හෙට ඡන්ද පත්‍රිකා ලැබුණොත් ඡන්දය තියෙනවා - මැතිවරණ කොමිසම

හෙට දිනය ඇතුළත ඡන්ද පත්‍රිකා ලබා දෙන්නේ නම් බාධාවකින් තොරව සැලසුම් කළ ආකාරයට තැපැල් ඡන්දය නියමිත දිනයට පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටී.
රජයේ මුද්‍රණාලාධිපතිනිය, මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක් මත කටයුතු කිරීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසා සිටී.
අදාළ පාර්ශ්ව ගෙන්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළද මුදල් අමාත්‍යංශයෙන් අදාළ මුදල ලබා දීමට හෝ රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.
180 Views
Comments