"බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා මම"

ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන රට දියුණු කිරීමට ඒ අයගෙන් උදව් ලබාගත් බවද හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.
ජනහමුවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.
ADB වෙන්න පුළුවන් IMFවෙන්න පුළුවන් World Bank වෙන්න පුළුවන් ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්.
මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත් සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත් සූදානම්.
මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන් ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක්
තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට.
230 Views
Comments