JUL
28
සමෘද්ධිය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ

විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමෘද්ධි වැඩසටහනේ ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට, විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
250 Views
Comments