JUL
29
"ඕනෑම මැතිවරණයට සූදානම්" සජිත් කියයි

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සවෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බැවින් රජයට රට ගොඩනැගීමට නොහැකි නම් ජන වරමකට යා යුතු බව විපක්ෂනායකවරයා ගුරු උපදේශකවරුන් සමග පැවැති සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.
ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය ඕනෑම අවස්ථාවක සුදානම් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
298 Views
Comments