පොහොට්ටුව වැඩ අරඹයි

පොදුජන එක්සත් පෙරමුණ මේ වන විට රට පුරා ආසන බලමණ්ඩල පිහිටුවමින් එළැඹෙන ඕනෑම මැතිවරණයකට මූහුණ දීමට සූදානම් වෙමින් සිටින අතර පොහොට්ටු ආරංචි මාර්ග පවසන පරිදි මේ වන විට ඔවුන් සියයට 70කට ආසන්න බලමණ්ඩල පිහිටුවා අවසන්ය.
පොහොට්ටුවේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල පිහිටුවීමේ රැස්වීමක් ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනානාදු,
‘‘අපිට ගමට යන්න බෑ කිව්වා. පොහොට්ටුව ඉවරයි කිව්වා. මැති ඇමැතිවරු හැංගුණා ඉල්ලලා අස්වුණා කිව්වා, හොයාගන්න නෑ කිව්වා. හැබැයි අපි කියනවා අද වෙද්දි අපි අපේ ආසනවලින් සියයට හැත්තෑවකට (70%) වඩා බලමණ්ඩල පිහිටුවලා ඉවරයි. ඒ යන හැමතැනම අපිට දෙන පණිවුඩය තමයි ඊළඟට එන්නෙ මොන මැතිවරණයද අපේ පක්ෂය ඕනෙම මැතිවරණයක් ජයග්‍රහණය කරනවා කියන පණිවුඩය.’’
257 Views
Comments