JUL
23
පොහොට්ටුවේ පිරිසක් ඇමැතිකම් ඉල්ලයි

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේද නම් ඒ සඳහා යවා ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක සහ විමලවීර දිසානායක යන මහත්වරුන් ගේ නම් ඊට ඇතුළත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව, මහින්දානන්ද අලුත්ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක, ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ නම්ද ඊට ඇතුළත් වී තිබේ.
251 Views
Comments