ජනපති ඉන්දියාවට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

ජනපති ඉන්දියාවට යයි

ජනපති ඉන්දියාවට යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

 

 

ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.

 

 

තවද ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙනයෑමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුකරනු ඇත.

 

 

එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

 

ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු ඇතුලු විශේෂ නියෝජිතයින් රැසක් හමුවීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී සැලසුම් කර තිබේ.

views

251 Views

Comments

arrow-up