දිළිඳු දරුවන්ට නොමිලේ ලැබෙන්න යන දේ

දිළිඳු දරුවන්ට කිසිදු මුදලක් නැතිව නොමිලේ සීසන් ටිකට් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශිෂ්‍ය සීසන් සඳහා අය කළේ 9% ක් පමණක් බවද දැන් එය 30%ක් දක්වා අය කරගන්න යන බවට කතාවක් තිබෙන අතර එහි සත්‍යතාවයක් තිබේ දැයි සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ සිසුසැරිය ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන විශාල සහනාධාරයක් මත බවත් වර්ෂයකට බිලියන දෙකක් ඊට සහනාධාර ලෙස ලබා දෙන නමුත් රාජ්‍ය මූල්‍ය අර්බුදය නිසා ඒ මුදල් දෙන්න භාණ්ඩාගාරයට හැකියාවක් නැති බවයි.
එවිට සිසු සැරිය පවත්වාගෙන යාම පිළිබඳව ගමනාගමන මණ්ඩලයට මෙන්ම පෞද්ගලික අංශයට විශාල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවද සීසන් ටිකට් පත් සඳහා විශාල සහනාධාරයක් දෙන විට යෙදවන බස් රථ ප්‍රමාණය අඩු වෙන බවද අමාත්‍යවරයා කීය.
245 Views
Comments