මන්ත්‍රී නිවසට වැඩේ දෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය පවසනවා.
සොරාගත් භාණ්ඩ අතර, රන් බඩු මුදල් සහ මොටර් රථ බැටරියක් තිබෙන බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වනවා.
නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බවට ඔහු ඊයේ (11) පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නැහැ.
මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා
249 Views
Comments