පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සජබ මන්ත්‍රීවරු ඉවත් වෙයි

රටේ ඇතිවූ බංකොළොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ විශේෂ කාරක සභාව පත් කර තිබුණි.
14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ 9 දෙනෙකුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර සමාජිකයින් 5 දෙනකු විපක්ෂය නියෝජනය කළහ.
මෙම කාරක සභාවට ඇතුළත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද ඊයේ එම කාරක සභාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණි.
261 Views
Comments