හරීන් ඕස්ට්‍රේලියාවට ගිහින් කරපු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

හරීන් ඕස්ට්‍රේලියාවට ගිහින් කරපු දේ

හරීන් ඕස්ට්‍රේලියාවට ගිහින් කරපු දේ

ඕස්ට්‍රේලියාව ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැත්වූ සාකච්ඡා ඵලදායී බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 

 

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාමය ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයට ඇතුළත් කිරීමට සාකච්ඡා කර තිබේ.

 

 

ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයන්, පෞරාණික ඓතිහාසික ස්ථාන, වනජීවී, ත්‍රාසජනක ක්‍රීඩා සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් මෙම සාකච්ඡා සාර්ථක ලෙස ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව සාකච්ඡා සාර්ථක බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 

 

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති චාලක ගජබාහු විසින් පර්ත්, සිඩ්නි සහ මෙල්බර්න් නගරවල ප්‍රමුඛ සංචාරක රැස්වීම් තුනක් සංවිධානය කරන ලදී.

 

 

අභාවප්‍රාප්ත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ සොහොයුරා වන ජේසන් වෝන් ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙල්බර්න් නුවර පැවති උත්සවයකට සහභාගී වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

views

281 Views

Comments

arrow-up