නියමිත දිනට ඡන්දය නොපැවැත්වෙනු ඇතැයි පැෆ්රල් සංවිධානය කියයි

මේ වන විට පවතින තත්ත්වය දෙස බැලීමේදී යෝජිත පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදාට පැවැත්විය නොහැකි වනු ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර සිටී.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින අතර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් අධිකරණය විසින් ලබාදුන් තීන්දු පවා විවේචනයට ලක්කරන තත්වයකට රට සහ පාලකයන් පත්වී ඇති බවයි.
නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන අතර ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩකඩ ලබාදීම රජයේ වගකීමක් බව ද, එසේ නොවුණහොත් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතීන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ වගකීම රජය විසින් භාරගත යුතු බව ද ඒ මහතා කියා සිටී.
193 Views
Comments