මැතිවරණය ගැන තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සූදානමක්

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටින්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ප්‍රශ්න කිරීමට උත්සාහ දරන බවයි.
එහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම හරහා මෙම ක්‍රියාව සිදු කිරීමට උත්සාහ කරන බවය.
213 Views
Comments